Posts

Showing posts from July, 2017

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]

Image
අවුරුදු 6 කට පස්සෙ කැප්ටන් ජැක් ස්පැරෝ ආපහු පුළුල් තිරයට සම්ප්‍රාප්ත වුණා. මීට කලින්  The Curse of the Black Pearl (2003), Dead Man’s Chest (2006), At World’s End (2007)  හා අවසාන වශයෙන්  On Stranger Tides (2011)  විදියට තිරගත වුණ හා අදායම් අතින් අති සාර්ථක වෙච්ච වගේම කැප්ටන් ජැක් ස්පැරෝ කියන මතක් වෙද්දිත් මුවඟට සිනහව ගේන්න සමත් වෙච්ච මේ චිත්‍රපට මාලාවේ අලුත්ම නිකුතුව තමා මේ. හැබැයි මේක හිතුව තරම් සාර්ථක නිර්මාණයක් නෙවෙයිදෝ මන්දා. ලැබුණ විචාරත් සෘණ පැත්තට තමා බර වුණේ. ඒ වගේම මුලින් කිව්ව විදියට මේක තමා ජැක් ස්පැරෝව මුණගැහෙන අවසානම වතාව. හැබැයි පස්සෙ චිත්‍රපටයේ අවසන් දර්ශන වලින් නම් තව එකක් තියේදෝ කියල හැඟෙනවා. මෙදාපාර ජැක්ට මුහුණ දෙන්න වෙන්නේ දරුණු නාවිකයෙක්ටයි. ජැක් තරුණ කාලේ ඔහු අතින් යක්ෂයාගේ ත්‍රිකෝණයේ ශාපයට යැවිච්ච, ඒ හින්දම හොල්මන් කරමින් ජැක්ගෙන් පළි ගන්නට මාන බලන කපිතාන් සලසාර් එක්ක තමා ඒ. මීට අමතරව අපි හොඳින්ම දන්න විල් ටර්නර් ගේ පුතත් ජැක් හා එකතු වෙනවා ෆලයින් ඩච්මන් නැවේ ශාපයට අහු වෙච්ච පියාව බේරගන්න. හොඳයි මේ කොපිය  HC  කොපියක්. කියන්න ඕනා නෑනේ ඒ ඒ එන එන විදියට යාවත

King Arthur Legend of the Sword Sinhala Subtitles (2017) සිංහල උපසිරැසි සමඟින්

කාලෙකින් උපසිරසක් කරේ.. මම හිතන්නේ මගේ 2 වෙනි උපසිරසට පස්සේ ලොකු කාලෙකින් තමයි ආපහු එකතු වුනේ. මම නෙමෙයි මේක කරන්න හිටියේ වෙන කෙනෙක් ඒ කවුද කියලා මාත් දන්නේ නෑ.. මේක දුන්නට එයාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. පොලු ගොඩක් තිබ්බට පස්සෙත් මේක කරන්න දුන්න දරේටත් ස්තූතිවන්ත වෙනවා.කාලෙකින් ආවෙත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන.. 24 වෙනිද හොඳ කොපියක් ආවෙ 25 වෙනිද හවස් වෙද්දි කොහොමහරි වැඩේ ඉවර කරගන්න පුළුවන් වුනා. ආතර් රජ්ජුරුවන්ගේ කතාව. පොඩි කාලෙ ඉඳන් කාටුන් වලින් මෑතකදී මර්ලින් කතාමාලාව තුළින් අපිට දැක ගන්න ලැබුනා.. ගලකින් කඩුව ඇදලාගත්ත ඒ ආතර් රජ්ජුරුවන්ගේ පුරාවෘතය ඇසුරෙන් තැනුනු නවතම චිත්‍රපටය තමයි අද මේ විදියට අරගෙන ආවෙ. මම හිතන්නේ ආතර් රජතුමාගේ කතාව ගැන හැදුනු හොඳම චිත්‍රපටය මේක. imdb අගය 7.3ක් වෙනවා. පරිගණක වලින් සජීවීකරණය කළ සතුන් එහෙම ඉතාම ඉහළ මට්ටමේ තියනවා.චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද ආතර් රජ්ජුරුවන්ගේ කතාව ගැන දැනටමත් ඔයාලා දන්නවා ඇති හැබැයි මේක ටිකක් විතර අපි කලින් දැකලා තිබුණු කතා වලට වඩා වෙනස්. නළු නිළියන් එහෙම සුපිරියටම රඟපානව කියලා කියන්න පුළුවන්. මර්ලින්, ආතර්ගේ පියා යූ