King Arthur Legend of the Sword Sinhala Subtitles (2017) සිංහල උපසිරැසි සමඟින්

කාලෙකින් උපසිරසක් කරේ.. මම හිතන්නේ මගේ 2 වෙනි උපසිරසට පස්සේ ලොකු කාලෙකින් තමයි ආපහු එකතු වුනේ. මම නෙමෙයි මේක කරන්න හිටියේ වෙන කෙනෙක් ඒ කවුද කියලා මාත් දන්නේ නෑ.. මේක දුන්නට එයාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. පොලු ගොඩක් තිබ්බට පස්සෙත් මේක කරන්න දුන්න දරේටත් ස්තූතිවන්ත වෙනවා.කාලෙකින් ආවෙත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන.. 24 වෙනිද හොඳ කොපියක් ආවෙ 25 වෙනිද හවස් වෙද්දි කොහොමහරි වැඩේ ඉවර කරගන්න පුළුවන් වුනා.

ආතර් රජ්ජුරුවන්ගේ කතාව. පොඩි කාලෙ ඉඳන් කාටුන් වලින් මෑතකදී මර්ලින් කතාමාලාව තුළින් අපිට දැක ගන්න ලැබුනා.. ගලකින් කඩුව ඇදලාගත්ත ඒ ආතර් රජ්ජුරුවන්ගේ පුරාවෘතය ඇසුරෙන් තැනුනු නවතම චිත්‍රපටය තමයි අද මේ විදියට අරගෙන ආවෙ. මම හිතන්නේ ආතර් රජතුමාගේ කතාව ගැන හැදුනු හොඳම චිත්‍රපටය මේක. imdb අගය 7.3ක් වෙනවා. පරිගණක වලින් සජීවීකරණය කළ සතුන් එහෙම ඉතාම ඉහළ මට්ටමේ තියනවා.චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද ආතර් රජ්ජුරුවන්ගේ කතාව ගැන දැනටමත් ඔයාලා දන්නවා ඇති හැබැයි මේක ටිකක් විතර අපි කලින් දැකලා තිබුණු කතා වලට වඩා වෙනස්. නළු නිළියන් එහෙම සුපිරියටම රඟපානව කියලා කියන්න පුළුවන්. මර්ලින්, ආතර්ගේ පියා යූතර් යූතර්ගේ සහෝදරයා වට මේසයේ නයිට්වරුන් සියල්ල මේ කතාවෙත් ඉන්නවා.

hc hd කොපි එකක් තමයි දැනට ඇවිත් තියෙන්නේ. කොපිය නම් හොඳ මට්ටමෙන් තියනවා. එහෙනම් නම් සටන් වලින් පිරුණු මායාවෙන් පිරුණු මෙම චිත්‍රපටය නරඹන්න කියලා හැමෝමටම ආරාධනා කරනවා..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

Comments

Popular posts from this blog

Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017) with Sinhala Subtitles | මැරුණු උන් කිව්වොත් කිව්වම තමා ! [සිංහල උපසිරැසි සමඟ]